නව ගෙවීම් පද්ධතියක්..

 



ඉන්දියාව සහ සිංගප්පූරුව සිය අරමුදල් ඉතා වේගයෙන් සහ ආරක්ෂිතව හුවමාරු කරගැනීම සඳහා යූ.පී.අයි. සහ පේ නව් ගෙවීම් පද්ධති වලට අදාල තාක්ෂණික සුදානම් වීම අවසන් කර ඇති බවට නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.

ඒ් අනුව දෙරට අතර ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව අඩු පිරිවැයකින් අරමුදල් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවෙනු ඇත.

මෙම අරමුදල් ගෙවීම් පද්ධති වලට අදාලව පද්ධති ඒ්කාබද්ධ කිරීමට ඉන්දීය මධ්‍යම බැංකුව සහ සිංගප්පූරු මධ්‍යම බැංකුව එක්ව කටයුතු කිරීම ආරම්භ කර තිබේ. මෙලෙස දෙරටේම මධ්‍යම බැංකු එක්ව කටයුතු කිරීම මගින් අදාල ගෙවීම් පද්ධති කඩිනමින් භාවිතයට ගැනීමට අවස්ථාව හිමිවෙනු ඇති බවටද වාර්තා වේ.

Post a Comment

0 Comments