හුංගමුව විදුහලේ සිදුවීමට විදුහල්පතිනිය සහ පොලිසියේ දෙකක් රිමාන්ඩ්...

 



බණ්ඩාරගම හුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් අද (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පසුගිය දිනෙක ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කලේ යැයි චෝදනා කරමින් 05 වසර පංතියේ ඉගෙනුම ලබන සිසුන් කිහිප දෙනෙකුට අමානුෂික ලෙස පහරදී කෘරත්වයට පත් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ පාසලේ ගුරුවරියක සහ මිල්ලනිය පොලීසියේ රියදුරා ඇප මත මුදාහරින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබුණි.

Post a Comment

0 Comments