අනීතික නියෝග පිළිපදින්න බෑ… පොලිස් ලොක්කෝ රැසක් බස්නාහිර පළාතෙන් ස්ථාන මාරු ඉල්ලති….

 


තමන් වෙත දිගින් දිගටම ලැබෙන අනීතික නියෝග පිළපැදිය නොහැකි බව පවසමින්  බස්නාහිර පළාතේ පොලිස් ප්‍රධානීන් රැසක් බස්නාහිර පාළාතෙන් පිටතට ස්ථාන මාරුවීම් ඉල්ලා පොලිස්පතිවරයා අමතා ඇතැයි පොලිස් මූලස්ථානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මින් පෙර අවස්ථා කීපයක දී එසේ බස්නාහි පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලැබුණු නියෝග ක්ෂේත්‍රයේ සිටි නිලධාරීන් විසින් ක්‍රියාත්මක කර තිබුණේ නැත.

මේ තත්ත්වය තුළ දැඩි රාජකාරි පීඩනයක් පොලිස් නිලධාරීන් වෙත එල්ල වී තිබිණි.

ඊයේ පැවති රැස්වීමක දී මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් විසින් ලබා දුන් අනීතික නියෝගයක් පිළිපැදිය නොහැකි බව පොලිස් ප්‍රධානියෙක් ඔහුගේ මුහුනටම ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධව ලංකාසරට සිය අදහස් දැක්වූ පොලිස් ප්‍රධානීන් විශාල පිරිසක් පැවසුවේ  මේ ලබාදෙන ඇතැම් නියෝග ක්‍රියාත්මක කිරීමට ගියහොත් එය කෙළවර වනු ඇත්තේ තමන් හිරේ විලංගුවේ වැටීමෙන් බවය.

ඊට වඩා උචිත බස්නාහිර පළාතෙන් ස්ථාන මාරුවක් ලබාගෙන පිටවීම බවට ඒ බොහෝ දෙනාගේ මතය වී තිබේ.

Post a Comment

0 Comments