පාසලක් තුළ සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් අවාසනාවන්ත ලෙස එක් සිසුවෙක් මියගොස් තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ තිරුක්කෝවිල්, තම්බිලුවිල් ප්‍රදේශයේ පාසලකදීයි.
එම පාසලේ 08 වන වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර එම ගැටුම ඇතිව තිබේ.
එහිදී එක් සිසුවකු ප්ලාස්ටික් වතුර බෝතලයකින් අනෙක් සිසුවාට පහරදී ඇති අතර ඉන් සිහිසුන්වී ඇති සිසුවා රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ශිවපාලන් ක්‍රිෂාන් නමැති 13 හැවිරිදි සිසුවෙකි.
මොවුන් දෙදෙනා අතර පන්තියේදී කිසියම් කරුණක් සම්බන්ධයෙන් මත ගැටුමක් ඇතිවී එක් අයකු අනෙකාට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
 

 
 
 
 
 
 
 
 
0 Comments