අගලවත්ත ඉහළ කුඩලිගම නෑබඩ ප්‍රදේශයේ නිවසක් තුළදී සිරුරට ගිනි ඇවිලී මෙන් වයෝවෘද්ධ කාන්තාවක් පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.
තුවාල ලද කාන්තාව පසුගිය දිනක රාත්‍රී කෑම පිසීම සඳහා ගෑස් ලිප දල්වන අවස්ථාවේදී ඇඟට ගිනි ඇවිලී මෙන් තුවාල ලබා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
මීට දින කිහිපයකට ඉහත දී ගෑස් ලිපේ ගෑස් කාන්දුවක් තිබී ඇති අතර ඒ බව නිවැසියන් ද දැනුවත් සිට ඇති බව පොලීසිය පවසයි.
ලිප පුපුරා යාමෙන් හෝ සිලින්ඩරය පුපුරා යාමෙන් මෙම අනතුර වී නොමැති අතර බටයෙන් ගෑස් කාන්දුවීම හේතුවෙන් අනතුර සිදුවී ඇත.
තුවාල ලද කාන්තාව කොළඹ ජාතික රෝහලේ අංක 73 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අගලවත්ත පොලීසිය පරීක්ෂණ පවත්වයි.
0 Comments