මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් සඳහා වාහන මිලදී ගැනීමට ලබාදුන් පොලී රහිත ණය මුදල වෙනුවෙන් ලබාදෙන සහනාධාර මුදල ( subsidy) මහ භාණ්ඩාගාරය ප්‍රමාදකර බැංකුවලට යොමුකිරීම නිසා එම ණය ලබාගත් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
එම ණය මුදල සඳහා රජයෙන් (මහ භාණ්ඩාගාරයෙන්) ලැබෙන සහනාධාර මුදල ප්‍රමාද වීම එයට හේතු වී ඇත
එම සහනාධාර මුදල පසුගිය කාලයේ දී ලැබී ඇත්තේ කොටසින් කොටසය
පොලී රහිත ණය මුදල සඳහා රජයෙන් ලබාදෙන සහනාධාරය මෙනිසා කලට වේලාවට අදාල බැංකුවලට යොමු කිරීමට කටයුතු කරන්නැයි කලාකරුවෝ රජයෙන් ඉල්ලීමක් කරති.
මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් සඳහා මෙම පොලී රහිත ණය මුදල ලබා දුන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදීය.
ණය යෝජනා ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන්ට ලබාදුන් එම ණය මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 12 කි. අදාළ ගිවිසුම අනුව , කලාකරුවන්ගෙන් ණය මුදල පමණක් වාරික වශයෙන් අය කර ගැනෙන අතර ණය මුදලේ පොලිය ( සහනාධාර) ගෙවනු ලබන්නේ රජය විසිනි.

0 Comments