රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකුට බරපතල තුවාල...

 


කළුතර පොලිස් විද්‍යාලයට අයත් ත්‍රීරෝද රථයක් පෙරලීමෙන් කොස්තාපල්වරයෙකු බරපතළ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවත්, ත්‍රීරෝද රථය පැදවූ තවත් පොලිස් කොස්තාපල් රියදුරකු අත්අඩංගුවට ගත් බවත් කළුතර දකුණ පොලිසිය පවසයි.

තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ පොලිස් විදුහලේම රාජකාරි කරන ලියනගේ නමැති කොස්තාපල් වරයෙකු බව සදහන් වේ.

කළුතර පොලිස් විදුහල තුල පෙරේදා රාත්‍රි සැකකාර කොස්තාපල්වරයා විසින් ත්‍රිරෝද රථය පදවාගෙන යාමේදී එය පෙරලීමෙන් අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ කොස්තාපල් වරයා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහුගේ පාදයේ බල නහරයකට බරපතළ තුවාල සිදුව ඇති බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බව පොලිසිය සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලිස් විද්‍යාලයේ රාජකාරි කරන වීරසූරිය නැමැති කොස්තාපල්වරයකු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක (වැබ) නයනප්‍රිය මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

Post a Comment

0 Comments