ඕමාන මිනිස් ජාවාරමේ තැරැව්කරු රිමාන්ඩ්...

 


ඩුබායි සහ ඕමාන් රාජ්‍ය වෙත මිනිස් ජාවාරම් සිදුකළ බවට පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයා දෙසැම්බර් 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් ඕමානයේ සහ අබුඩාබි වෙත කාන්තාවන් රැකියා සඳහා යෙදවූ ප්‍රධාන සැකකරුවෙකුගේ මෙරට උප නියෝජිතයා එලෙස ඊයේ (19) පස්වරුවේ කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

සැකකැරු අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඔහු කාන්තාවන් රවටා මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන පවසා රැකියා නියෝජිතායතනයක් මගින් කාන්තාවන් විදෙස්ගත කර ඇති බවය.

එළෙස රවටා විදේශ ගතකළ කාන්තාවන් අතරමන්ව සිට නැවත දිවයිනට පැමිණීමෙන් පසු පොලීසියට සිදුකර ඇති පැමිණිලිවලට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

Post a Comment

0 Comments