ඕමානයේ මිනිස් ජාවාරමේ නිරත බව කියන ප්‍රධාන සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඩුබායි සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී, ඊයේ(18) රාත්‍රියේ අත්අඩගුවට ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.
වත්තල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මරදාන ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මිනිස් ජාවාරමේ නිරත වී ඇති බවට සැක කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටුනායක පොලීසියට භාර දී තිබෙන අතර සැකකරු අද(19) මීගමුව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 Comments