ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ දෙවැනි මහලේ ස්කැන් උපකරණ කාමරයක අද (10) පස්වරුවේ දි ගින්නක් හටගත් බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය යු.එස්. පි. රංග පවසයි.
අධ්‍යක්ෂකවරයා පැවසුවේ විදුලි කාන්දුවක් නිසා මෙම ගින්න හටගත් බවට සැකකරන බවයි.
ගින්නෙන් සැකෑන් උපකරණ ඇතුළු දේපලවලට හානි වි ඇත.
ගින්න හටගැනීමත් සමග පිලිකා ඒකකයේ ඉහළමාලයේ සිටි පිලිකා රෝගින් ආරක්ෂිතව පහලට ගැනිමට රෝහල් කාර්යමණ්ඩලය විසින් කටයුතු කරනු ලැබීය.
ගාල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකය මගින් ගින්න නිවා දැමිමමට කටයුතු කරණු ලැබිය.
0 Comments