ගම්පහ දිස්ත්‍රික්කය නැවත ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා තෙවැදෑරුම් වැඩපිළිවෙලක් සැකසේ. ඒ අනුව කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. කෙටිකාලීන වැඩපිළිවෙල යටතේ තෝරාගත් ස්ථාන 71ක් සුද්ධ පවිත්‍ර කිරීමට හඳුනා ගෙන තිබේ. එම ස්ථාන ජලය බැසයා හැකි පරිදි සංවර්ධනය කිරීමට අපේක්ෂිතයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරිමාර්ග දෙපාර්තුමේන්තුව හා ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවත් එක්ව මෙය ක්‍රියාත්මක කරයි.
පසුගිය දිනවල ඇද වැටුණු අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 159 ක් ජලයෙන් යටවිය. දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ග්‍රාමසේවා වසම් 159 ක් මෙලෙස ජලයෙන් යට වු අතර මේ නිසා අවතැන් වු පවුල් සංඛ්‍යාව 11,157 කි. පුද්ගලයන් 46,797 දෙනෙකු පීඩාවට පත්වුහ. නිවාස දෙකක් පූර්ණ වශයෙන් හානි වු අතර නිවාස 25 කට අර්ධ හානි සිදුවිය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතගේ උපදෙස් පරිදි එම කාලසීමාව තුළ පැවති ආපදා කළමණාකරණ රැස්වීමක දී තිරණය කෙරුණේ ඉදිරියේ දි ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැළැක්වීම සදහා වහා පියවර ගැනීමටයි. ඒ අනුව ඇමතිවරයාගේ විෂය පථයට අයත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් එය ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.
පළමු අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාරු ඇළ, කළුකොටුව ඇළ, කුණ්ඩි ඇළ, කළුකොළ ඇළට සම්බන්ධිත ඇළ හා පල්ලෙවෙල දුම්රිය ස්ථානයේ ආසන්නයේ පිහිටි ඇළ මාර්ග පවිත්‍ර කිරීම සිදු වේ. ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 18 කි. ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ අධිවේගී මාර්ග ව්‍යාපෘතියයි. මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙල සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට කටයුතු කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දි ඇමතිවරයා පෙන්වා දුන්නේ ඒ සඳහා අවශ්‍ය සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි.
0 Comments