2024 ලංකා ප්‍රිමියලිග් ක්‍රිකට් තරගවලීයේ අවසන් මහා තරගය අද (21) පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ පළමු අදියර තුනේම ශුරතාවය දිනු ජෆ්නා කිංග්ස් කණ්ඩායම සිවූවන වරටත් LPL තරගාවලියක අවසන් මහා තරගය සදහා ඊයේ සුදුසුකම් ලබාගත්තා.
අද පැවත්වෙන අවසන් මහා තරගයේ ඔව්න්ගේ ප්‍රතිවාදීන් වනුයේ පළමු අදියර දෙකෙහිදීම අනුශුරතාවය දිනාගත් ගෝල් මර්වල්ස් කණ්ඩායමයි.
මෙමෙ කණ්ඩායම් දෙකම තරග 8 බැගින් ක්‍රීඩාකර ඉන් තරග 5 බැගින් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 10 බැගින් හිමි කරගෙන තිබෙනවා.
තරග විචාරකයින්ගේ මතය වී ඇත්තේ අවසන් මහා තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි.
අවසන් මහා තරගය අද රාත්‍රී 7. 30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
තවත් පුවත් :
0 Comments