ආහාර ද්‍රව්‍ය වලට සෙස් බද්දක් ?...

 


සෙස් බදු සංශෝධනය හේතුවෙන් ‘අත්‍යවශ්‍ය භාණ්ඩ’ මිල ඉහළ යෑමේ කිසිදු හැකියාවක් නැතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මත අය කරනු ලබන්නේ රේගු බද්ද හෝ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වන අතර ඒවා කිසිදු සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක වන බවයි.

අයිතම 120කින් සමන්විත අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවේ කිසිදු භාණ්ඩයක් සෙස් බද්දට යටත් නොවන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.


“1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත මගින් හඳුන්වා දුන් සෙස් බද්දේ අරමුණු දෙකක් තියෙනවා. එකක් මෙරට නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින භාණ්ඩ රැක ගැනීමේ අරමුණෙන් ආනයනික භාණ්ඩ මත බද්දක් අය කිරීම. අනෙක අගය එකතු නොකොට අපනයනය කරනු ලබන භාණ්ඩ අධෛර්යමත් කිරීම සඳහා බද්දක් අය කිරීම. මේ බද්දෙන් ලැබෙන ආදායම් යොමු වෙන්නේ අදාළ කර්මාන්තවල සුබ සිද්ධිය වෙනුවෙන්” යැයි ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් පෙරේදා (15) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ආනයනික වෙළඳ භාණ්ඩ හයසිය තිස් හතකට (637) බලපාන අයුරින් සෙස් බද්ද ඉහළ නැංවීමට පියවර ගැනිණි. එලෙස සෙස් බද්ද ඉහළ දැමීමත් සමග අදාළ භාණ්ඩ වර්ගවල මිල ගණන් 25% වැනි ප්‍රතිශත මට්ටමින්ද, ඇතැම් භාණ්ඩ වර්ග මිල මට්ටමින්ද ඉහළ යාමට නියමිත බව ආනයනකරුවෝ පෙන්වාදෙති. ශ්‍රී ලංකා රේගුව පවසන්නේ සෙස් බද්ද වැඩිකර ඇති භාණ්ඩ පෙරේදා (15වැනිදා) සිට රේගුවෙන් නිෂ්කාශනය කිරීමේදී නව බදු ගාස්තු අය කරන බවයි

Post a Comment

0 Comments