බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙක් අතුරුදහන්...

 



බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙක් මුහුදට වැටී අතුරුදහන්ව ඇති බවට එහි යාත්‍රා හිමිකරු ඊයේ (11) පස්වරුවේ පැමිණිල්ලක් කර ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ තාලාවිට, එප්පාවල ප්‍රදේශයේ පදිංචිව සිටී අමරසිංහ ආරච්චිගේ නිශාන්ත ප්‍රේමකීර්ති ද සිල්වා නමැති 50 හැවිරිදි පුද්ගලයෙකු බව සදහන් වේ.

මසුන් මැරීම සදහා ඉකුත් සැප්තැම්බර් 11 දා “හිරුන් පුතා 2” බහුදින යාත්‍රාවෙන් ධීවරයින් හය දෙනෙකු මුහුදු ගොස් ධීවර කටයුතු නිමවා එමින් සිටියදී ඊයේ මුහුදට වැටී අතුරුදහන් ඇති බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයි පොලිසිය පවසයි.

බේරුවල ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාරගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති

Post a Comment

0 Comments