ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මේ වන විට සිටින්නේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමිනි.
ඒ ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් සිටියදී හදිසියේ රෝගාතුර වූ ඔහු එහි ප්‍රතිකාර ලබා ගෙන ලංකාවට පැමිණීමෙන් පසුවද වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගතව සිටී.
ඉකුත් සිකුරාදා (11 වැනිදා) උදෑසන රාජ්‍ය මාධ්‍ය නාළිකාවක පත්තර විස්තර වැඩසටහන නැරඹීමේදී ඇමැතිවරයාට තරහ ගියේය.
ඒ ප්‍රධාන පුවත්පත් කියවීමත් සමග විකල්ප පුවත්පතක සිරස්තලද නිවේදකයා කියවීමයි.
වහාම ක්‍රියාත්මක වූ ඇමැතිවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානින්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ නිලධාරින් රෝහලට කැඳවූහ. සේලයින් දෙමින් ඇති රෝගියකු මෙලෙස ආණ්ඩුවේ රැස්වීමක් රෝහලක පැවැත්වීම ගැන රෝහල් සේවකයන්ගේද අවධානය යොමු වී තිබුණි. එම රැස්වීමේදී අදාළ රාජ්‍ය මාධ්‍ය ආයතනයේ සභාපතිවරයාට එහි වැඩසටහන් පිළිබඳ විවිධ ගැටලු නිලධාරින් හා ඇමැතිවරයා ඉදිරිපත් කර තිබුණි.
0 Comments