බලංගොඩ කුලීගොඩ අප්පලදුව ප්‍රදේශයේ පාළු නිවසක කාන්තාවක් විසින් දමා ගොස් සිටි අවුරුදු දෙකක සහ අවුරුදු තුනක තුනක දැරියන් දෙදෙනෙකු ඊයේ (12 ) පොලීසිය විසින් සොයා ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා
මෙම දියණියන් දෙදෙනා මෙසේ දමා යන්නට ඇත්තේ මෙම දියණියන් ගේ මව බවටයි පොලිසිය සැක පළ කරන්නේ
කෙසේ වෙතත් අම්බලන්ගොඩ පොලිසිය විසින් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර දියණියන් දෙදෙනාගේ භාරකරුවන් තවමත් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
දැනට පොලිස් භාරයේ සිටින මෙම දැරියන් දෙදෙනා ළමා නිවාසෙකට භාරදීමට අධිකරණයෙන් අවසර ලබා ගන්නා බවටයි පොලිසිය සඳහන් කළේ.
මෙම දැරියන් දෙදෙනා පොලීසියට රැගෙන ආ මොහොතේ සිට මව්වරුන් ලෙසින් අම්බලන්ගොඩ ළමා හා කාන්තා කාරයන්ශය නිලධාරීන් කටයුතු කරන ආකාරය ද දැකගන්නට ලැබුණා.
මෙම දැරියන් දෙදෙනා ගේ සියලුම අවශ්‍යතාවයන් මෙම පොලිස් නිලධාරිනියන් සිදු කරනු ලබනවා.
0 Comments