හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අමෙරිකාවේ මාස එකහමාරක පමණ කාලයක් ගතකිරීමෙන් පසු අද (20) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ ට එරෙහිව පැවති විරෝධතාවයෙන් පසු බැසිල් රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවය හිමි අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පැවසුවේ බැසිල් රාජපක්ෂගේ පැමිණීමත් සමග සිය පක්ෂයේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා වන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය.
එමෙන්ම පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීම බැසිල් රාජපක්ෂ සතු කාර්යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පැවසීය.

0 Comments