කුරුවිට තවත් අමානුෂික ඝාතනයක්...

 



රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

24 හැවිරිදි කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය.

අදාළ තරුණයා හිදැල්ලන ප්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය හමුවීමට නිවසට ගිය අවස්තාවේ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් පහරදීමක් සිදුකර ගසක බැඳ තැබීමට කටයුතු කර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත රත්නපුර පොලීසිය විසින් පහරකෑමට ලක්වූ තරුණයා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධියට සම්බන්ධ 37 හැවිරිදි සැකකරු රත්නපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ

Post a Comment

0 Comments