රාජ්‍ය නිවාඩු ඉල්ලුම් පත් ඔන් ලයින් වෙයි...

 




රාජ්‍ය ආයතනවල මුද්‍රණ වියදම් අඩුකර ගැනීම සඳහා නිවාඩු ඉල්ලුම් පත්‍ර, මාර්ගගත (ඔන් ලයින්) ක්‍රමය ඔස්සේ පිරවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහනට අදාළව නියමු ව්‍යාපෘතියක් ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ ආරම්භ කර ඇතැයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය. එය අත්හදා බලා සාර්ථක වූ පසු අදාළ ක්‍රමවේදය දිවයින පුරා රජයේ කාර්යාලවලට හඳුන්වාදෙන බවද ඔහු පැවැසුවේය.

Post a Comment

0 Comments