පාසල් ළමුන් අතර ලාදුරු රෝගය පැතිරෙයි...

 



පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසුවේ, මේ වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 15%ක් පාසල් සිසුන් වන බවය.

මේ වසරේ පළමු මාස 7 තුළ ලාදුරු රෝගීන් 450 දෙනෙකු මෙරටින් වර්තා වී ඇති බව ඔහු පැවසුවේ ය.

අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මෙන්ම බස්නාහිර පළාතේ මෙම රෝගය ව්‍යාප්තවීමේ අවදානම වැඩි බව ද ඔහු පැවසුවේ ය.

Post a Comment

0 Comments