අගමැති දිනේෂ් ව්‍යවස්ථාව හරියට දන්නෙ නැති කෙනෙක්ද? ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වේ බොරුවක්ද? (VIDEO)

 


මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ව්‍යවස්ථානුකූල වශයෙන් කිසිදු බාධාවක් නැති බවත් ඇත්තේ එකම බාධාවක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ බාධාව වන්නේ මැතිවරණයෙන් පසුව ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධව ආණ්ඩුවට ඇති ඇඟ කිලිපොලා යන භීතිය යැයි ද,එනිසා ආණ්ඩුව මැතිවරණයකට රැගෙනයාම පිස්සු බල්ලෙක් නාවන්නට ගෙන යනවා වැනි අපහසු කටයුත්තක් යැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

පාර්ලිමේන්තුව විසුරවීම ගැන රට නොමඟ යවන්න එපා යැයි කී විපක්ෂ නායකතුමා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන්ව්‍යවස්ථාවේ වගන්ති ගෙනහැර පෑවේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අගමැතිවරයා , ජනතාව සහ රට නොමග යවන ප්‍රකාශයක් සිදු කරන බවත්, එය සහමුලින්ම අසත්‍ය ප්‍රකාශයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments