පාන් රු.10කින් අඩුවෙලා නැහැ...

 

පාන් රාත්තලක මිල රුපියල් දහයකින් අඩුකළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළද දිවයිනේ බොහෝ බේකරි හිමියන් පාන් මිල අඩු කිරීමට කටයුතු කර නොතිබිණි.


පෙරේදා (17 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් දහයකින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළේය.


පාන් රාත්තලක් රුපියල් 180.00 සිට රුපියල් 200.00 දක්වා විවිධ මිල ගණන්වලට අලෙවි කෙරේ. තිරිඟු පිටි මිල අඩුවීම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 10 කින් අඩුකළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන කීවේය. බේකරි හිමියන් බොහෝ දෙනකු කියා සිටියේ නිෂ්පාදන වියදම ඉහළ යෑම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් දහයකින් අඩු කිරීමට නොහැකි බවය.


පාන් මිල ඉහළ යෑම හේතුවෙන් පාන් අලෙවිය විශාල ලෙස අඩු වී ඇතැයිද සභාපතිවරයා පැවසීය.

Post a Comment

0 Comments