ලිබර්ට ප්‍රකාශන ආයතනයට සම්මාන 12ක්...

 

සීමාසහිත ලිබර්ටි ප්‍රකාශන පෞද්ගලික සමාගම විසින් ප්‍රකාශයට පත් කරන අරුණ, ද මෝර්නිං හා තමිලන් යන පුවත්පත් ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2021 උළෙලේදී සම්මාන රැසක් හිමි කරගෙන ඇත. 


වසරේ නිර්මාණාත්මක සිංහල වෙබ් අඩවිය(ගෞරව) සම්මානය - අරුණ වෙබ් අඩවිය

හසන්ත විජේනායක - වසරේ විශිෂ්ටතම කාටුන් ශිල්පයා - අරුණ

ඉන්ද්‍රජිත් සුබසිංහ - වසරේ ක්‍රිඩා මාධ්‍යවේදියා (ගෞරව) - අරුණ

ඒගාම්බරම් රවිවර්මන් - ක්‍රිඩා මාධ්‍යවේදියා (දෙමළ) - තමිලන්

හර්ෂනී දිසානායක - සෞඛ්‍ය වාර්තාකරණය (ගෞරව) - අරුණ

සුමුදු චාමර - සෞඛ්‍ය වාර්තාකරණය (ඉංග්‍රීසි ) - ද මෝර්නිං

මධූෂා තවපාලකුමාර් - වසරේ ව්‍යාපාරික වාර්තාකරණය (ඉංග්‍රීසි) - ද මෝර්නිං

සුමුදු චාමර - සාමාජීය කරුණු පිළිබඳ වාර්තාකරණය සුබ්‍රමනියම් චෙටිටියාර් සම්මානය (ගෞරව) - ද මෝර්නිං

ඉෂාර රත්නකාර - සමාජමාධ්‍යකරණය සුබ්‍රමනියම් චෙටිටියාර් සම්මානය - අරුණ

සුමුදු චාමර - උපාලි විජෙවර්ධන විශේෂාංග සම්මානය -  ද මෝර්නිං

සුමුදු චාමර - මර්වින්ද සිල්වා (ගෞරව) සම්මානය - ද මෝර්නිං

ආසිරි ප්‍රනන්දු - මර්වින්ද සිල්වා සම්මානය - ද මෝර්නිං

Post a Comment

0 Comments