හැට පනින 12000කට පෙන්ෂන් ගැන උනන්දුවක් නැහැ...

 

මෙම වසරේ දී අනිවාර්ය විශ්‍රාම යාමට නියමිත රාජ්‍ය සේවකයන් අතරින් දොළොස් දහසකගේ පමණ විශ්‍රාම ඇයැදුම්පත් අදාළ ආයතනවලින් මෙතෙක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කර නැත.


මේ අතරින් යම් පිරිසක් තවදුරටත් සේවයේ සිටීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් විශ්‍රාම අයැදුම්පත් යොමු කර නොමැත්තේ ඒ අරමුනින් බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය. කෙසේ වුවද මෙම වසරේ විශ්‍රාම ගැන්වෙන කිසිදු සේවකයකුගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ නොකෙරෙන බවත් විශ්‍රාම අයැදුම්පත් යොමු කිරීම කල් දැමීමෙන් සිදු වන්නේ විශ්‍රාම හිමිකම් ලබා ගැනීම ප්‍රමාද වීම බවත් එම නිලධාරියා සඳහන් කළේය.


මේ දක්වා විශ්‍රාම ගොස් සිටින විසි දහසකගේ පමණ විශ්‍රාම පාරිතෝෂික දීමනා රුපියල් කෝටි දෙදහසක් පමණ ගෙවීම ප්‍රමාද වී තිබෙන අතර මෙවර විශ්‍රාම යන පිරිසත් සමග එම සංඛ්‍යාව දෙගුණයටත් අධික ප්‍රමාණයකින් වැඩි වනු ඇත.


මෙම වසර ඇතුළත පමණක් විශ්‍රාම පාරිතෝෂික දීමනා වශයෙන් රුපියල් කෝටි එක් දහස් අටසියයක් පමණ ගෙවා තිබෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් සඳහන් කළේය.

Post a Comment

0 Comments