කෝටි 16 කට අධික කේරල ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට…

 


යාපනය කරෙයිනගර් මුහුදු සීමාවේදී රුපියල් මිලියන 160  කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 181 ග්‍රෑම් 900ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් අද අලුයම් කාලයේදී කරෙයිනගර් මුහුදු ප්‍රදේශයේදී විශේෂ සෝදිසි සංචාරයක නිරත වූ අවස්ථාවේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් අධික වේගයකින් ගමන්කොට ඇති අතර එහිදී අදාල ඩිංගි යාත්‍රාව ලුහුබැඳ ගොස් සිදුකල සෝදිසියකදී ඩිංගි යාත්‍රාවේ සඟවා තිබූ මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.

එහිදී ඩිංගි යාත්‍රාව තුල සඟවා තිබූ  උර 04 ක අසුරන ලද කේරල ගංජා හමුවීමෙන් පසුව ඒවා යාත්‍රාවෙන් රැගෙන ගිය පුදග්ලයාද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම කේරල ගංජා තොගයන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් දිවයිනේ වෙනත් ප්‍රදේශයන් වෙතට අලෙවි කිරම සඳහා රැගෙන එමින් සිටයදී ජාවාරම් කරු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 27 ක් වයස්හි පසුවන යාපනය පාසිඌර් ප්‍රදේශයේ පදිංචි වන අතර ඔහු සහ කේරලගංජා තොගයන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය පොලීසියට භාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments