ව්‍යවස්ථාදායක සභාව කඩිනමින් ස්ථාපිතම කිරීම හරහා මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව විසින් දියත් කර ඇති බවට සැක මතුවන බව විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින්ම ඊයේ දින පාර්ලිමේන්තුවේදී පෙන්වා දීමත් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද දින විශේෂ රැස්වීම් කිහිපයක් කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද පෙරවරුවේ සජබ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු විපක්ෂ නායක කාර්යාලයට කැදවීමට විපක්ෂ නායකවරයා කටයුතු කොට ඇත.
එමෙන්ම අද පස්වරුවේ විපක්ෂයේ අනෙකුත් දේශපාලන කණ්ඩායම් කිහිපයක නායකයන් සමග විශේෂ සාකච්ඡාවක්ද ප්‍රේමදාස මහතා විසින් කැඳවා ඇති බව දැනගන්නට තිබේ.
එම සාකච්ජාවලදී ආණ්ඩුවේ මෙම සැලසුම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටත්, ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ජා කිරීමටත් තීරණය වී ඇති බවද පැවසේ.
0 Comments