මට්ටක්කුලිය සාවියා පටුමගේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
ඉකුත් 28 වෙනි දින මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මට්ටක්කුලිය සාවියා පටුමග ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් නැමැති ව්‍යාපාරිකයෙකු බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 හා 34 අතර පසුවන බොරැල්ල හා වැල්ලම්පිටිය පදිංචිකරුවන් ය.
මෙම ඝාතනයට පැමිණි පුද්ගලයන්ට වාහන කුලී පදනම මත ලබා දෙන ස්ථානයකින් මෝටර් රථයක් ලබා දුන් පුද්ගලයකු මීට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි .
මුදල් ගනුදෙනුවක් මත ඇති ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එම සැකකරුවන් සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ගෑම් 14 ට අධික ප්‍රමාණයක් ද සොයාගෙන ඇත.


0 Comments