ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කිරීමට කිසිදු අවස්ථාවක් නැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කරන්නේ බස්රථ සඳහා වැය කරන මුදලට සාපේක්ෂව බස් හිමියන් මේ වන විට දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇති බවයි.
ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කිරීම බස් ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නැතැයි ද පවසන ඔහු ලීටරයක් රුපියල් 30 කින් හෝ 40 කින් අඩු කිරීමට පියවර ගත හොත් බස් ගාස්තු අඩු කිරීමට හැකි බවද පැවසීය.
0 Comments