බඩඉරිඟු අස්වැන්න 50% කින් පමණ අඩුවිය හැකියි...

 

බඩ ඉරිඟු අස්වැන්න 50% කින් පමණ අඩුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, කෘෂි භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ ප්‍රකාශ කර තිබේ.


එසේම ඔහු පැවසුවේ, පසුගිය වසරේ මහ කන්නයේ දී 65% – 70%ක පමණ අස්වනු හානියක් සිදු වූ බවයි.


ඊට හේතුවී තිබුණේ වගාවට අවශ්‍ය යෙදවුම් නොමැති වීමයි.


ලංකාව තුළ වගා කෙරෙන්නේ විදේශයන්ගෙන් ආනනයනය කෙරෙන දෙමුහුන් ප්‍රභේද වන අතර ඊට හේතුව වී ඇත්තේ ඒවායේ අස්වැන්න සහ ගුණත්වය වැඩි වීමයි. 


සාමාන්‍යයෙන් මෙරට මහ කන්නයේ වගාවට බඩ ඉරිඟු බීජ ටොන් 1200 අවශ්‍ය වූවත්, මෙම මහ කන්නයට අවශ්‍ය බඩ ඉරිඟු බීජ අප සතුව නොමැති වීමත් හේතුවෙන් මෙවර අස්වැන්න 50% කින් පමණ අඩුවිය හැකි බවයි.

Post a Comment

0 Comments