වාහන වලින් වැඩ දාන්න ගිහින් 6ක් අත්අඩංගුවට...

 


තනි රෝදයෙන් යතුරුපැදි සහ රෝද දෙකෙන් තීරෝද රථ පැද වූ තරුණයන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවූන් අද හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.


අනතුරුව එක් අයෙකුට රුපියල් 25,000 බැගින් දඩ නියම කර රියදුරු බලපත්‍රය වසරකට අත්හිටුවීමට මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කර ඇත.


මෙලෙස දඩ නියම වූයේ මොරගහහේන හොරණ ආදී ප්‍රදේශ වල පදිංචි තරුණයන් හය දෙනෙකුට ය.


ඊට අමතරව එම යතුරු පැදි සහ සහ තීරෝද රථ පොලිස් භාරයට තබාගන්නා ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා දරුවන් යන එන තැන් පිළිබඳ මීට වඩා සොයාබලා වගකීමෙන් කටයුතු කරන ලෙස දෙමව්පියන්ට ද අවවාද කළේය .


මහජන පීඩාවක් සහ අන් අයගේ ජීවිත වලට අනතුරුදායක ලෙස තරුණයන් පිරිසක්   මොරගහහේන ඔලබොඩුව නවම් මාවත ප්‍රදේශයේ තනි රෝදයෙන් යතුරුපැදිත් රෝද දෙකෙන් තීරෝද රථත් පදවන බවට මොරගහහේන පොලීසියට ලද තොරතුරක් අනුව ඉතා සූක්ෂම ලෙස ඔහුන් එම ක්‍රියා වල යෙදෙන ආකාරය ජංගම දුරකථන වල පටිගත කිරිමෙන් අනතුරුව වැටලීම සිදු කළ බවයි පොලිසිය අධිකරණයට දැන්වූයේ.


මෙය ඔවුන්ගේ ජීවිතවලට පමණක් නොව මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් අයගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බවට පත්ව ඇති බව මොරගහහේන පොලිසිය අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝග ලබා දී ඇත.

Post a Comment

0 Comments