මේ මාසෙ අන්තිමට මහාපරිමාණ කර්මාන්ත රැසක්ම ලංකාවෙන් යනවා! ලයිට් බිල වැඩි කළොත් ඉතුරු ටිකත් යාවි! වෙළෙඳ කලාපයෙන් අනතුරු ඇඟවීමක්!

 


විදුලි බිල යළි ඉහළ දැමුවහොත් ඇගලුම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩාවැටීමට ලක්වන බව වෙළද කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානය පවසනවා. ඵහි කැදවුම්කරු ගාමිණි රත්නායක පැවසුවේ ඇගලුම් ක්ෂේත්‍රයේ මහා පරිමාණ කර්මාන්ත රැසක්ම මෙරටින් රැගෙන යාමට දැනටමත් තීරණය කර ඇති බවයි. ඉන් ඇගලුම් කර්මාන්තශාලා කිහිපයක්ම් මෙම මස අවසානයේදී රටින් ඉවත් කරගැනීමට තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළා.

පවතින තත්ත්වය හමුවේ සේවකයන්ගේ රැකියාද අහිමි වීමේ දැඩි අවධානමක් පවතින බවයි වෙළද කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු ගාමිණි රත්නායක වැඩිදුරටත් පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව අවම කර ගැනීම සදහා යළිත් ලබන ජනවාරි සහ ජුනි මාසවලදී විදුලි බිල ඉහළ දැමීමටයි ආණ්ඩුව සූදානම් වන්නේ. ඵ් සදහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බව මීට පෙර ප්‍රකාශ කෙරුණා.

Post a Comment

0 Comments