ව්‍යවස්ථාදායක සභාවේ සුළු පක්ෂ නියෝජනයට එකඟතාවයක් නෑ…




ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ(1)(ඊ) වගන්තිය අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂ නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවට පත් කරන මන්ත්‍රිවරයා තෝරා ගැනීමට ආණ්ඩුවේ ද සමගි ජන බලවේගයේ ද නොවන මන්ත්‍රිවරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් (08) රැස්වූහ.

එකී රැස්වීමේ දී උදය ගම්මන්පිල මන්ත්‍රිතුමාගේ නම විමල් වීරවංශ සහ අනුර යාපා යන මන්ත්‍රිවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඉදිරිපත් වුණු අතර ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රිතුමාගේ නම එම් ඒ සුමන්දිරන් සහ සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රිවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඉදිරිපත් විය.

ව්‍යවස්ථාවට අනුව මෙකී නම ඉදිරිපත් කළ යුත්තේ සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ එකඟත්වයෙනි. පැයකට ආසන්න කාලයක් සාකච්ඡා පැවතිනු නමුත් එකඟත්වයකට එළැඹීමට නොහැකි වූ බැවින් සාකච්ඡාව පසුවට කල් තැබිණි.

දැනට කතානායකතුමා, අගමැතිතුමා සහ විපක්ෂ නායකතුමා නිල බලයෙන් ද සාගර කාරියවසම් මන්ත්‍රිතුමා අගමැතිතුමාගේ නාමික ලෙස ද කබීර් හසීම් මන්ත්‍රිතුමා විපක්ෂ නායකතුමාගේ නාමික ලෙස ද ව්‍යවස්ථාදායක සභාවට නම් කර තිබේ.

Post a Comment

0 Comments