සන්නද්ද කල්ලි සොයා උතුරේ මෙහෙයුම්..


යාපනය ඉනුවිල් නැගෙනහිර ප්‍රදේශයේදී  යුදහමුදාව සහ පොලිසිය එක්ව සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කඩු දෙකක් සඟවාගෙන සිටි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉනුවිල් නැගෙනහිර  ප්‍රදේශයේදී කිසියම් ආයුධ කල්ලියක් සැරිසරන බවට යුදහමුදාවට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව යුදහමුදා නිලධාරීන් පිරිසක් සහ පොලිස් නිලධාරීන් විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමේදී සැකකටයුතු නිවසක් පරික්ෂා කොට ඇති අතර එහිදී නිවසේ තියුණු ආයුධ දෙකක් සඟවා තිබියදී නිවසේ හිමිකරුද සමගින් අදාල කඩු දෙක අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු ඉනුවිල් ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි අයෙකු වන අතර ඔහු චුන්නාගම් පොලීසිය විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

Post a Comment

0 Comments