උතුරු නැගෙනහිර සත්ත්ව මරණවලට හේතුව එළියට...

 

උතුරු නැගෙනහිර පළාත්වල සතුන් මියයාමට හේතුව වසංගත තත්ත්වයක් නොව හුදෙක් අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බවට සනාථ වී ඇත.


පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළ ගවයින්, මී ගවයින් හා එළුවන් 1,660ක් පමණ මරණයට පත් විය. 


එමෙන්ම තවත් සතුන් විශාල ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් විය.


මෙම හදිසි සත්ත්ව මරණ සම්බන්ධව විදිමත් විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ බලධාරින්ට උපදෙස් දී තිබුණි.


ඒ අනුව පේරාදෙණිය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම සත්ත්ව මරණ පිළිබඳව සිදුකළ විමර්ශන පිළිබඳ වාර්තාව අද දින (13) කෘෂිකර්ම අමාත්‍යවරයාට ලබා දී ඇත.


එම විමර්ශන අනුව උතුරු නැගෙනහිර පළාත්වල සතුන් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරුවී සිටින නිසා හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් නිසා ඇති වූ අධික සීතලට එම සතුන්ට ඔරොත්තුදීමට අපහසු වන්නට ඇති බව එහි සඳහන් වේ. 

Post a Comment

0 Comments