ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් අතර තරගය මේ වනවිට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 193ක් රැස් කරගත්තේය.
එහිදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 72ක් රැස්කළ අතර අසාද් ෂෆීක් ලකුණු 58ක් රැස්කළේය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 194කි.

0 Comments