ගෝටාභය යලි අගමැතිකමට.. ගෝටාභයත් ඇවිත් මන්ත‍්‍රී පිරිසකට සුපිරි හෝටලයක සාදයක්.. ජාතික ලයිස්තුවෙක් අස්වී පුටුව දෙයි..

 




හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට ගෙන ඒම සඳහා සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් අතර සිදුව ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට ගෙන ඒම සඳහා සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් අතර සිදුව ඇත.
එහි මූලාරම්භය ලෙස ශ්‍රී ලංකා එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකට පමණක් ආරාධනා කර තිබූ සාදයක් දැනට දින දෙක තුනකට පෙර බත්තරමුල්ලේ ප්‍රසිද්ධ හෝටලයක දී පැවැත්වී තිබේ.
ඊට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පැමිණ ඇත.
හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ඉල්ලා අස්වී එම පුරප්පාඩුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඔහු අගමැති කිරීමට මෙහිදී යම් සාකච්ඡාවක් ඇතිව තිබේ.
අදාල සාදය සඳහා තෝරාගත් පිරිසකට පමණක් ආරාධනා කර තිබූ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරාධනා කර තිබි නැත.සාදය සංවිධානය කර ඇති ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකි.







Post a Comment

0 Comments