අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ...

 

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.


එම මිල අඩු කිරීම ඊයේ (9) සිට ක්‍රියාත්මකයි.


ඒ අනුව කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින්

ලොකු ළූණු රුපියල් 16 කින්

ග්‍රෑම් 425ක ටින් මාළු ටින් එකක මිල රුපියල් 35 කින් ද අඩු කර තිබේ.


ඒ අනුව කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක නව මිල සටහන් වන්නේ රුපියල් 215ක් ලෙස වන අතර, ලොකු ළුණු කිලෝවක නව මිල සටහන් වන්නේ රුපියල් 199ක් ලෙසයි.


එමෙන්ම ග්‍රෑම් 425ක ටින් මාළු ටින් එකක නව මිල රුපියල් 495ක් ලෙස ද පහළ දමා තිබේ.

Post a Comment

0 Comments