හිටපු මන්ත්‍රීවරයෙක් ගුරුවරයෙකුට පහර දෙයි...

 

හිටපු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් තමාට පහරදුන් බව පවසමින් බණ්ඩාරවෙල පූනාගල දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරයෙකු දියතලාව මූලික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් පසුවෙයි.


පාසල තුළට පැමිණි හිටපු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් අදාළ පහරදීම සිදුකළ බව ඔහු සඳහන් කළේය.


පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමග විදුහලේ ගොඩනැගිලිවලට හානි සිදුවූ අවස්ථාවේ ඒවා පිළිසකර කිරීමට ගුරුවරුන් ඇතුළු පිරිසක් පසුගිය ඉරිදා පාසලට පැමිණි අතර එම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් මහතා සමග හල්දුම්මුුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ද එක්ව සිට තිබේ.


එහිදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ අදාළ ගුරුවරයා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමේදී හිටපු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් මහතා ගුරුවරයාට පහරදී ඇති බව වාර්තා වෙයි.


මේ අතර පහරදීමට අදාළව හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවට පවසමින් විද්‍යාලයේ ගුරුවරුන් අද බණ්ඩාරවෙල නගරයේදී විරෝධතාවක ද නිරත වුණි.

Post a Comment

0 Comments