නාරාහේන්පිට පාර්ක් මාර්ගයේ (පාර්ක් රෝඩ්) හි ඉඳිකෙරෙමින් පවතින සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලින් ඇද වැටීමෙන් තරුණයෙක් මිය ගොස් ඇත.
නාරාහේන්පිට පොලීසිය පැවසුවේ මියගිය අය ඊයේ (10) රාත්‍රී අදාළ ගොඩනැගිල්ල තුළ මත්පැන් පානය කර ඇති අතර කිසියම් අවශ්‍යතාවයක් සඳහා තෙවන මහල කරා යාමේදී අනාරක්ෂිත ස්ථානයකින් පහළට වැටී ඇති බවයි.
ඔහු සමග එම ගොඩනැගිල්ලේ සේවය කරන අනෙක් පුද්ගලයන් දෙදෙනා අද (11) උදෑසන මොහු ලේ විලක් මත වැටී සිටින අයුරු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු භාරගත් පුද්ගලයාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පැමිණ පොලීසියට දැනුම්දී ඇති බව වාර්තා වේ.
අනතුරින් මියගොස් ඇත්තේ හාලිඇළ, දික්වැල්ල හේන ප්‍රදේශයේ පදිංචිව සිටි රාමලිංගම් මානික්කම් නැමැති විසිතුන් හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් රෝහලේදී පැවැත්වීමට නියමිතය.


0 Comments