ගිය අවුරුද්දේ හැත්තෑ හය දහසකට වැඩි පිරිසක් බන්ධනාගාරගත කරලා

2021 වර්ෂයේදී සිරකරුවන් 14,547ක් සහ සැකකරුවන් 62,426ක් බන්ධනාගාරගත කර ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

එය පසුගිය වර්ෂවලට සාපේක්ෂව ක්‍රමයෙන් වර්ධනය වීමක් බවය ඔහු සඳහන් කළේ ය.

පසුගිය වසරේ බන්ධනාගාරගත වූවන් අතරින් සියයට 34ක ප්‍රතිශතයක් එනම්, 26,134ක් වයස අවුරුදු 30 ත් 40ත් අතර පුද්ගලයන් බව ඔහු පැවසීය.

එසේ ම අධ්‍යාපන මට්ටම සැලකීමේදී සියයට 2.2ක් අධ්‍යාපනය ලබා නොමැති අතර පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ 10,264ක්, පසුගිය වසරේ බන්ධනාගාරගතව ඇත.

ඒ අතර, 17,666ක් සාමාන්‍ය පෙළ සමත් වූවෝ වෙති.

Post a Comment

0 Comments