විදුලි බිල වැඩි කලොත් ගෙවන්න එපා.. අපිත් එක්ක විරෝධතා කරමු..

 


එළඹෙන ජනවාරි මාසයේ විදුලි ගාස්තු වැඩි කලහොත් ලැබුවහොත් ඊට විරෝධය පළ කිරීමක් ලෙස විදුලි බිල නොගෙවා ඉන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

ජනවාරි මාසයේ විදුලි බිල සියයට 30කින් වැඩි කිරීමටත් ඊට අමතරව වසර මැදදී නැවත වරක් විදුලි වැඩි කිරීමටත් වත්මන් රජය තීන්දු කර ඇතැයි සදහන් කලේය.

මේ සියළු මිල වැඩි කිරීම ඉතා අසාධාරණ සහ අයුක්ති සහගත බැවින් ජනතාව සමග එක්ව ඊට විරෝධය පළ කරන බව ද හෙතෙම කියා සිටියේය.

දැනට මාස කිහිපයකට පෙර විදුලි බිල වැඩ කිරීමෙන් පසු ලාබ ලබන විදුලි බල මණ්ඩලය පැරණි පාඩු පියවා ගැනීමට යළිත් බිල වැටීම සඳහා ටයුතු කරමින් සිටින බවද පැවසූ ඔය ඔහු මෙය සහමුලින්ම අසාධාරණ ක්‍රියාවක් යයිද පැවසීය.

Post a Comment

0 Comments