ශ්‍රී පාදය වඳින්න යන ඔබ ස්ටුවඩ් සුනඛයාගෙන් ප්‍රවේශම් වෙන්න...

 



ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන රථවාහන සෝදිසි කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට හැටන් පොලිස් කොට්ඨාස සුනඛ අංශයේ 'ස්ටුවඩ්' නමැති සුනඛයාගේ සහාය ලැබී තිබේ.


අද (09) දිනයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ දී හැටන් කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශයේ සහ දුෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් විසින් ස්ටුවඩ් ගේ සහාය ඇතිව මෙම විශේෂ සෝදිසි කිරීම සිදුකර තිබුණි.


එම පරීක්ෂාවේ දී ගංජා සහ තිරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බව පොලීසිය පවසයි.


එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Post a Comment

0 Comments