ලිංගික අතවර කිරීම් ගැන ගත් තීරණය...

 


ලිංගික අතවර කිරීම් සහ සියලුම ආකාරයේ ලිංගික අඩත්තේට්ටම් කිරීම සාපරාධී ක්‍රියා බවට පත් කරන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.


එමෙන්ම ඒ සඳහා දැඩි දඬුවම් ලබා දීමට සහ ලිංගික අල්ලස් වරදක් බවට පත් කිරීම පිණිස අලුතින් වගන්තියක් ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසයි නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දී ඇත.


මේ සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

Post a Comment

0 Comments