ඩෙංගු රෝගීන් සීඝ්‍රයෙන් ඉහළට...

 



ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නිවේදනයට අනුව මේ වසරේ ගත වූ කාලසීමාවේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,826 කි.


පසුගිය වසරේ මේ කාලසීමාව වනවිට වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 29,650 ක් පමණි.


ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපයේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම 41,176 කි.


මේ වසරේ දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලිනි.


වසරේ 49 වන සතිය වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55 ක් අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.


ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ, ඒ අතුරින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 28 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් ඇතැයි තහවුරු වූ බවයි.


එම කොට්ඨාසවල මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර මදුරුවන් බෝ විය හැකි ස්ථාන කෙරෙහි අවධානය යොමු කරන්නැයි එම ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටි.

Post a Comment

0 Comments