දුම්රිය ධාවනය අලුත් කාලසටහනකට...

 



නව කාලසටහනට අනුව කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (05) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කැලණිවැලි දුම්රිය මාර්ග වෙත හඳුන්වාදී ඇති නව වේග සීමා හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා එම කාලසටහන පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබුණි.

පසුගිය මාස කිහිපය තුළ අවස්ථා ගණනාකදී දිවයින පුරා දුම්රිය පීලිපැනීම් වාර්තා වීමත් සමග මාර්ගවල ඇති දෝෂ හේතුවෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා සියලු දුම්රිය මාර්ග ආවර්ණය වන පරිදී නව වේග සීමා පැනවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළු සෑම මාර්ගයකම දුම්රිය ප්‍රමාදයන් මේ වන විට සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් දිගින් දිගටම සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීම සඳහා කැලණිවැලි මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය සඳහා නව කාලසටහනක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

ඒ අනුව එම නව කාලසටහන අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංශෝධිත දුම්රිය කාල සටහන මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Post a Comment

0 Comments