බස්නාහිර පළාත තුළ වනසතුන් නිවෙස් කරා ඇදී ඒමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අනෙකුත් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාත තුළ නාගරීකරණය ඉහළ යාම හේතුවෙන් සහ ඇතැම් පුද්ගලයින් විසින් අනවසරයෙන් රක්ෂිත ප්‍රදේශ අත්පත් කරගෙන ඒවා එළිපෙහෙලි කිරීම ද මෙයට ප්‍රධාන හේතුවක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් වනසතුන් නිවාස කරා ඇදී ඒම පළාත තුළ ඉහළ ගොස් තිබේ.
විශේෂයෙන් වඳුරන්, උගුඩුවන්, කලවැද්දන්, නරියන් වැනි සතුන් නාගරීකරණ ප්‍රදේශ වෙත ඇදී එම ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
එහිදි එම සතුන් විවිධ අනතුරුවලට ලක්වීමත් සමග ඔවුන්ගේ ජීවිත තර්ජන ද ඉහළ ගොස් තිබේ.
මෙලෙස අනතුරට ලක්ව බෙල්ලන්විල අත්තිඩිය වනජීවි පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත රැගෙන ආ වන වනසතුන් බොහෝ පිරිසක් යාල වනෝද්‍යානයට මුදාහැරීමට කටයුතු කළ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


0 Comments