මෙම විරෝධතාවය සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
විරෝධතාකරුවන් කුරුණෑගල ඔර්ලෝසු කණුව ඉදිරිපිට විරෝධතාවයේ නියැලී පසුව කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ විරෝධතා පා ගමනක් ආරම්භ කළහ.
කුරුණෑගල මූලස්ථාන පොලීසිය ඉදිරිපිට දී පොලිස් නිලධාරින් විසින් විරෝධතා පෙළපාලිය ට බාධා කළ අතර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණි.
කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබූ අතර පිරිස පොලිස් මාර්ග බාධක බිඳගෙන කුරුණෑගල රජපීල්ල මාර්ගයට පිවිස, එහිදී විරෝධතා රැලියක් පවත්වා විසිර ගියහ.
එහිදී අදහස් දැක්වු සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකර මහතා,
“සමාජවාදී තරුණ සංගමය කිසිදෙයක් අකුලගෙන ඉන්න සූදානම් නැහැ. ඔයා මන්දිර ආරක්ෂා කරන්න ගැසට් ගැහුවා ඒවා අපි කැඩුවා. රනිල් තමන්ගේ බලය තියෙනවා කියලා හිතාගෙන පාර්ලිමේන්තුවේ සද්දේ දානවා. පුළුවන්නම් බහින්න කිව්වා. අපි අරගල කරලා පෙන්නුවා. අපි අතුගල්පුරට ආවා. සීතල මාසයේ මේ රටේ හැම නගරයක්ම අපි උණුසුම් කරනවා. රාජපක්ෂලාට රනිල්ලට කියනවා ඕන මගුලක් කරලා නතර කරන්න. අපි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරලා හැප්පෙනවා. රෝහල්වල බෙහෙත් නැහැ. බබා හම්බවෙන්න ඉන්න අම්මලාට නිර්වින්දන බෙහෙත් අරගෙන යන්න වෙලා. දිනකට වෛද්‍යවරු පස්දෙනකුට වඩා විදේශගත වෙනවා. දරැවන් පාසැල් යවන්න විදියක් නැහැ. දරුවන්ට බෑග් ගන්න සල්ලි නැහැ එහෙම තියෙද්දි රනිල හමුදාවට දීලා බෑග් හදනවා. රතු පෙට්ටි හදනවා. යකෝ කොහොම නායකයෝ ද. මිනිහගේ තොරතුරු ආරක්ෂා කරන්න බෑග් හදනවා හමුදාවට කියලා. බෑග් විතරක් නෙමෙයි ඔයාට ඉන්න තැනකුත් හදාගන්න හමුදාවට කියලා. රනිල්ගේ බලකොටුව පාර්ලිමේන්තුව ඒක ආක්‍රමණය කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදීව.”
0 Comments