හෙට සිට දිවා රාත්‍රි විදුලි කප්පාදුවක්...

 

දෙසැම්බර් මස 27 වනදා සිට 30 වනදා දක්වා විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20ක කාලයක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.


ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය 2යි මිනිත්තු 20ක කාලයක් සිදුකෙරෙනු ඇති.


එහිදී දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක් කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.


මේ අතර නව වසර උදාව හේතුවෙන් දෙසැම්බර් මස 31 වනදා සහ ජනවාරි මස 01 වනදා විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මීට පෙර පැවසීය.

Post a Comment

0 Comments