ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් ගොඩ නැගීම සඳහා සාකච්ඡා ආරම්භ වී තිබේ.
ඒ ඉදිරි මැතිවරණය සඳහා පක්ෂ දෙක එක්ව තරග කිරීම පොරොත්තුවෙනි.
එම පක්ෂ දෙකට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ දැනටත් කටයුතු කරන පක්ෂ ද නව සන්ධානය සමඟ එක්වීමට නියමිතව තිබේ.
මේ සම්බන්ධයෙන් වන මුලික සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදි පසුගිය සෙනසුරාදා පැවැත්වී ඇත.
ඉදිරි මැතිවරණය සඳහා එක්ව තරඟ කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ එවන් නව සන්ධානයක් ගොඩ නගන්නේ නම් එහි නායකත්වය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇති බවයි.


0 Comments