උපකුලපතිට පහර දුන් සිසුන් රිමාන්ඩ්...

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 10 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


සැකකාර සිසුන් 10 දෙනා දෙසැම්බර් 22 වනදා දක්වා එළෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


පසුගිය 10 වන දින රාත්‍රී කාලයේදී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමක් සිදුකර උප කුලපතිවරයාගේ නිවසට ද හානි සිදුකර තිබුණි.


අදාළ පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 12දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගත් බව වාර්තා විය.

Post a Comment

0 Comments